Gossips

අපකීර්තිමත් තීන්දුවක් ගැන ඒකාබද්ධය කියයි

විපක්ෂ නායක ධුරයේ කිසිදු වෙනසක් සිදුනොවන බවට කතානායකවරයා අද පාර්ලිමේන්තුවේ සිදුකළ ප්‍රකාශය, පාර්ලිමේන්තු ඉතිහාසයේ අපකීර්තිමත්ම තීන්දුවක් බව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව කියා සිටියා.
මේ අතර, දුම්රිය සේවකයින් ආරම්භ කර ඇති වැඩවර්ජනය සම්බන්ධයෙන් ද එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ අදහස් පළ කළා.
එහිදී ඔහු කියා සිටියේ අදාළ වැඩවර්ජනය සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍යවරයා නිද්‍රාශීලි ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවයි.