Gossips

ධාවනය වූ දුම්රිය 8ත්, අද පස්වරුවෙන් පසු අත්හිටුවීමට වෘත්තීය සමිති තීරණය කරයි

සාකච්ඡාවක් හෝ විසඳුමක් නොලැබීම හේතුවෙන් දැනට ක්‍රියාත්මක දුම්රිය ගමන් වාර 8, අද පස්වරුවෙන් පසු අත්හිටුවා අඛණ්ඩව වැඩ වර්ජනයේ නිරත වන බව දුම්රිය වෘත්තීය සමිති පවසනවා.
වර්ජනය පිළිබදව වෘත්තීය සමිති නියෝජිතයින් පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.
දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩම්ගොඩ කියා සිටියේ තමන්ගේ වැටුප් විශමතා ගැටළුවට බලධාරීන් මෙතෙක් සාධාරණ විසදුමක් ලබා නොදුන් බවයි.