Gossips

විජයකලාගේ ප්‍රකාශය ගැන ගත් ඉදිරි පියවර පොලීසිය අධිකරණයට පහදයි

එල්.ටී.ටී.ඊ. සංවිධානය යළි ගොඩනැගිය යුතු බවට හිටපු රාජ්‍ය ඇමතිනී, විජයකලා මහේෂ්වරන් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් ලබා ගත් ප්‍රකාශ සටහන් ඇතුලත් වාර්තාව නීතිපතිවරයා වෙත භාරදී ඇති බව පොලීසිය අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා.
විමර්ශන සිදුකරන පොලිස් සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය එහිදී වැඩිදුරටත් සදහන් කළේ ප්‍රකාශ 59 ක් ඊට අදාළව සටහන් කරගෙන ඇති බවයි.
මැති ඇමතිවරුන් හය දෙනෙකු, රාජ්‍ය නිලධාරින් 14 දෙනෙකු සහ මාධ්‍යවේදීන් 30 දෙනෙකු එම ප්‍රකාශ ලබාදී තිබෙනවා.
ඒ අනුව, කරුණු සලකා බැලූ අධිකරණය නඩුව ඔක්තෝම්බර් 19 වනදා යළි කැදවීමට නියෝග කළා.