Gossips

කන්තලේ මාරාන්තික උපවාසය අඛන්ඩව

කන්තලේ – රජ ඇල – චූලාභය හිමි මාවත පිළිසකර කර දෙන ලෙස ඉල්ලමින් ප්‍රදේශවාසීන් 08 දෙනෙකු ආරම්භ කළ මාරාන්තික උපවාසයට අදට දින 3 ක්.
මේ වනවිට උපවාසයට එක්ව සිටි ප්‍රදේශවාසීන් 4 දෙනෙකුු අසාධ්‍ය තත්ත්වයෙන් කන්තලේ මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
උපවාසයට සහය දීම සදහා ප්‍රදේශවාසීන් 300 ක් පමණ පිරිසක් ද එම ස්ථානයේ රැදී සිටින බව සදහන්.
කන්තලේ – රජ ඇල ගොවි ජනපදයට අයත් මෙම මාර්ගය වසර 67 කින් පමණ අළුත්වැඩියා නොකිරීම හේතුවෙන් ගමනාගමන කටයුතුවලට බාධා එල්ල වී ඇති බවයි උපවාසයේ නිරත පුද්ගලයින් කිහිප දෙනෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.