Gossips

රජිව් ඝාතකයන් සම්බන්ධයෙන් මධ්‍යම රජයේ මතය ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය පිළිගනී

හිටපු අගමැති රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් සිර දඬුවම් විදින 7 දෙනා නිදහස් කළ නොහැකි බවට ඉන්දීය මධ්‍යම රජය කළ දැනුම්දීම එරට ශ්‍රේෂ්ඨාධිකරණය අද පිළිගෙන තිබෙනවා.
ඔවුන් නිදහස් කරන ලෙස ඉල්ලා සිටියේ තමිල්නාඩු ප්‍රාන්ත රජයයි. මීට පෙර ඉන්දීය ජනාධිපතිවරයා ද අදාළ සැකකරුවන් නිදහස් කළ නොහැකි බව ප්‍රකාශ කළා.
ශ්‍රීධරන් හෙවත් මුරුගන්, පේරරිවාලන්, ශාන්තන්, ජයකුමාර්, රොබට් පයාස්, රවිචන්ද්‍රන් සහ නලිනි රජිව් ඝාතනය වෙනුවෙන් සිර දඬුවම් විදින 7 දෙනායි.
දැනටමත් 20 වසරකට වැඩි කාලයක් බන්ධනාගාරගතව සිටින ඔවුන්ට මානුෂීය හේතූන් මත නිදහස ලබාදෙන ලෙසයි තමිල්නාඩු රජය ඉල්ලා තිබුණේ.