ආදිවාසී සැමරුම් උත්සව සඳහා යොදා ගන්නා මුදල් ආදිවාසී ගම්මානවල සංවර්ධනයට යොදවන ලෙස ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තෝ ඉල්ලීමක් කරනවා.
ඊයේ දිනයට යෙදී තිබූ ලෝක ආදිවාසී දින ජාතික සැමරුම් උත්සවයට දඹාන – කොටබකිනිය ගම්මානයේදී එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.
