Gossips

වාද්දුවේ සාදයට 4 ක් අල්ලයි

වාද්දුව ප්‍රදේශයේ වෙරළාසන්න හෝටලයක සාදයක් අතරතුරදී අසාධ්‍ය තත්ත්වයට පත්ව පුද්ගලයන් 4 දෙනෙකු මියයාමේ සිද්ධියට අදාළව දෙදෙනෙකු පොලිසිය ඊයේ අත්අඩංගුවට ගත්තා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර ප්‍රකාශ කළේ සාදය සංවිධාන කළ සමාගම් හිමිකාරියගේ සැමියා සහ එහි ප්‍රචාරක නිලධාරීයා මෙලෙස අත්අඩංගුවට ගත් බවයි.
සාදය පැවති හෝටලය රජයේ රස පරීක්ෂකවරයාගේ විමර්ශණයටද ලක් වූ අතර, එම අවස්ථාව වන තෙක් හෝටලයට විශේෂ පොලිස් ආරක්ෂාවක් ද සපයා තිබුණා.
පරීක්ෂණවලින් අනාවරණ වී තිබුණේ මෙම සාදය සඳහා බීර සහ විදේශීය මත්පැන් යොදා ගෙන ඇති බවටයි.
එමෙන්ම, සාදය සඳහා විදේශිකයන්, කාන්තාවන් ඇතුලු පුද්ගලයින් 1500කට වැඩි පිරිසක් සහභාගි වී ඇති බවටයි වාර්තා වන්නේ.
අදාළ සමාගම මෙම සාදය සංවිධාන කර තිබුණේ සමාජ මාධ්‍ය ඔස්සේ හදුනාගත් පිරිසක් එක් කරගනිමින්.
ඊට පෞද්ගලික ආයතනයක් විශේෂ ආරක්ෂාවක් ද ලබාදී තිබුණා.
මියගිය පුද්ගලයින් සාදය අතරතුර රෝහල් ගත කර තිබුණේ අධික උණ සහ ශ්වසන අපහසුතා හේතුවෙන්.