Gossips

රිය අනතුරු දෙකකින් කාන්තාවක මියගොස් සිව් දෙනෙකු රෝහල් ගත කෙරේ

මහියංගනය – අම්පාර ප්‍රධාන මාර්ගයේ අරාවත්ත ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් කාන්තාවක මියගොස් ඇගේ සැමියා තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
ඔවුන් ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටියදී සැමියාට එය පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන පෙරලී යාමෙන් මෙම අනතුර සිදුවී ඇති බවයි පොලීසිය සදහන් කළේ.
මියගිය කාන්තාවගේ වයස අවුරුදු 57 ක්.
මේ අතර, හබරණ – දඹුල්ල ප්‍රධාන මාර්ගයේ හිරිවඩුන්න ප්‍රදේශයේදී වනඅලියෙකු කන්තලේ මූලික රෝහලට අයත් වෑන් රථයක ගැටී සිදුවූ අනතුරකින් එහි සිටි පුද්ගලයින් තුන්දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.