Gossips

මිනුවන්ගොඩ රෙජී රණතුංග විද්‍යාලය ඉදිරිපිට විරෝධතාවක් (ඡායාරූප)

මිනුවන්ගොඩ – කොළඹ මාර්ගයේ ජාපාල වත්ත ප්‍රදේශයේ පිහිිටි රෙජී රණතුංග ප්‍රාථමික විද්‍යාලය ඉදිරිපිට මේ වනවිට දෙමාපියන් පිරිසක් විරෝධතාවයේ නිරත වනවා.
මේ හේතුවෙන් එම මාර්ගයේ එක් මංතීරුවක ගමනාගමන කටයුතු සඳහා බාධා එල්ල වී ඇති බවයි හිරු වාර්තාකරු කියා සිටියේ.
රෙජී රණතුංග ප්‍රාථමික විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන්ගෙන් ශිෂ්‍යත්වය සමත් සිසුන්ට පමණක් රෙජී රණතුංග විද්‍යා විද්‍යාලයට ඇතුලත් වීමට අවස්ථාව ලබාදී ඇති බව දෙමාපියන් චෝදනා කරනවා.
අනෙක් සිසුන්ට වෙනත් පාසල් සොයා ගන්නා ලෙස දැනුම් දී ඇති අතර මේ නිසා තමන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බවද ඔවුන් ප්‍රකාශ කළා.

ඡායාරූප – මිනුවන්ගොඩ, ටෝනි කරුණානායක