Gossips

සමෘද්ධි නිලධාරීන්ගෙනුත් අනතුරු ඇඟවීමක්

තම ගැටලූවලට විසදුම් නොලැබුණහොත් අඛන්ඩ වර්ජනයක් ආරම්භ කරන බව සමෘද්ධි අයිතීන් සුරැකීමේ ජාතික පෙරමුණ පවසනවා.
විශ්‍රාම වැටුප් නොලැබීම ඇතුලූ ඉල්ලීම් 4 ක් මුල් කරගනිමින් ඔවුන් අද වර්ජනයක නිරත වූ අතර, ඊට අදාළ විරෝධතාවක් ද කොළඹදී පැවැත්වුණා.
විරෝධතාකරුවන් පාගමනින් බත්තරමුල්ල දියත උයන මංසන්ධියට පැමිණි අතර, අනතුරුව ඔවුන් සෙත්සිරිපායේ පිහිටි සමාජ සවි බලගැන්වීම් අමාත්‍යාංශයට ගොස් ගොස් තම ඉල්ලීම් ඇතුළත් සංදේශයක් ද භාර දුන්නා.
විරෝධතාව හේතුවෙන් පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගය සහ බත්තරමුල්ල අවට මාර්ගවල රථවාහන තදබදයක් ද හට ගත්තා.