Gossips

දුම්රිය වැටුප් ගැටළුව ගැන මුදල් ඇමතිගෙන් ප්‍රකාශයක්

විශේෂ රාජ්‍ය සේවා කොමිසන් සභාව පිහිටුවා දුම්රිය ඇතුලූ සමස්ත රාජ්‍ය සේවයේ වැටුප් සංශෝධන සම්බන්ධයෙන් වු වාර්තාව මාස තුනක් ඇතුලත ඉදිරිපත් කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර ප්‍රකාශ කලා.
ඒ අනුව ආරම්භ කර ඇති දුම්රිය වර්ජනය තාවකාලිකව අත්හිටුවා සාකච්ජා සදහා පැමිණෙන ලෙසයි අමාත්‍යවරයා දුම්රිය වෘත්තිය සමිති වලින් ඉල්ලා සිටියේ.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කලේ අද පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව සම්මත වූ එකතු කල අගය මත බදු සංශෝධනය සම්බන්ධයෙන් වු පනත් කෙටුම්පත පිලිබද විවාදයට එක්වෙමින්.
දුම්රිය සේවක වර්ජනය සම්බන්ධයෙන් එකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුවේදි පලමුව ප්‍රශ්ණ කල අතර, ඊට රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර ද මැදිහත් වුණා.
මේ අතර, දුම්රිය වර්ජනය පිටුපසු දේශපාලන හස්තයක් තිබිය හැකි බව අමාත්‍ය මහින්ද සමරසිංහ ප්‍රකාශ කළේ කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.