සිරියානු රජය එරට වැසියන්ට එරෙහිව රසායනික අවි පරිහරණය කරන බවට අනාවරණ වුවහොත් සිරියාවට පහර දෙන බව ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රෝන් අනතුරු අඟවා තිබෙනවා.
කෙසේ වෙතත්, ඒ සම්බන්ධයෙන් මේ දක්වා නිෂ්චිත තොරතුරු වාර්තා වී නොමැති බවයි ප්‍රංශ ජනාධිපතිවරයා විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ.
මේ මස මුලදී කැරලිකරුවන් ග්‍රහණයේ පවතින ඉඞ්ලිබ් නගරයේ පුපුරා ගිය රසායනික බෝම්බයකින් පුද්ගලයින් 9 දෙනෙකු ශ්වසන ආබාධවලට ලක් වුණා.
සිරියානු විපක්ෂය එහිදී චෝදනා කළේ ආණ්ඩුවේ හෙලිකොප්ටරයක් මගින් අදාළ බෝම්බය පොළොවට පතිත කළ බවටයි.