Gossips

නවසීලන්ත යුද ගුවන්යානයක් මත්තලට (ඡායාරූප)

නවසීලන්ත ගුවන් හමුදාවට අයත් යුද ගුවන්යානයක් අද මත්තල ගුවන්තොටුපලට පැමිණ තිබෙනවා.
ඒ කාර්ය මණ්ඩල සාමාජිකයන් 15 දෙනෙකු සමගින්.
ඉන්දුනීසියාවේ සිට ඩුබායි දක්වා ගමන් කරමින් තිබු මෙම ගුවන්යානය කාර්ය මණ්ඩල විවේකය සඳහා මෙන්ම යානයට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීම වෙනුවෙනුයි මත්තලට ගොඩබස්වා ඇත්තේ.
එහි කාර්ය මණ්ඩලය අද හම්බන්තොට හෝටලයක විවේක ගැනීමෙන් පසු යළිත් හෙට පෙරවරුවේ යළිත් ඩුබායි බලා පිටත්ව යාමට නියමිතයි.



ඡායාරූප – හම්බන්තොට රාහුල් සමන්ත