Gossips

යුද විරාම සාකච්ඡා අතරතුර ගාසා තීරය උණුසුම් වෙයි

පලස්තීනය, දකුණු ඊශ්‍රායලය වෙත රොකට් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
දෙරට අතර, මාස ගණනාවක් මුළුල්ලේ යුද විරාමයක් සදහා වන සාකච්ඡා සිදුකෙරෙමින් පවතින අවස්ථාවක මෙම ප්‍රහාර එල්ල වීම විශේෂත්වයක්.
එම රොකට් ප්‍රහාරයෙන් අනතුරුව ඊශ්‍රායලය ද ගාසා තීරය දෙසට ගුවන් ප්‍රහාර එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කළේ.
ප්‍රහාර හේතුවෙන් පලස්තීනයේ පුද්ගලයින් 3 දෙනෙකු මියගොස් තවත් 7 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.