Gossips

මන්නාරම සමූහ මිනීවලේ ජායාරූප සහ දර්ශන ගැනීමට අධිකරණයෙන් වාරණයක්

මන්නාරම සමූහ මිනීවල සම්බන්ධයෙන් වාර්තා කටයුතු සිදුකිරීමට මාධ්‍යයට අධිකරණයෙන් තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.
මන්නාරම මහේස්ත්‍රාත් ටී.ජී.ප්‍රභාකරන් විසින් මෙම නියෝගය ඊයේ නිකුත් කරනු ලැබුවේ අස්ථි කොටස් සම්බන්ධයේ පරීක්ෂණ සිදුකිරීම සඳහා අධිකරණයේ අවසරය ලබාගැනීමට ඉදිරිපත් කළ අවස්ථාවේදියි.
සියලූම දේශීය සහ විදේශීය මාධ්‍යයට කැණීම් සිදුකරන භූමියට ඇතුලූවී ඡායාරූප සහ දර්ශන පටිගත කිරීමෙන් කැණීම් කටයුතුවලට බාධාවක් වීම හේතුවෙනුයි මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.
ඒ අනුව මින් ඉදිරියට එහි ඡායාරූප සහ දර්ශන ලබාගැනීම සඳහා දේශීය සහ විදේශීය මාධ්‍ය අධිකරණයෙන් අවසර ලබාගත යුතු වනවා