Gossips

දුම්රිය වර්ජනය තවදුරටත්

වැටුප් ගැටළුවක් මුල් කරගනිමින් දුම්රිය වෘත්තිය සමිති කිහිපයක් ඊයේ පස්වරුවේ ආරම්භ කළ හදිසි වර්ජනය තවදුරටත් ක්‍රියාත්මකයි.
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති ජානක ප්‍රනාන්දු සඳහන් කළේ තම සාමාජිකයන්ට මගීන්ගෙන් සිදුවූ හිරිහැර හේතුවෙන් තවදුරටත් වර්ජනයේ නිරතවීමට තම සංගමය තීරණය කළ බවයි.
මේ අතර වර්ජනය හේතුවෙන් දිවයින පුරා දුම්රිය ස්ථානවල ධාවන කටයුතු සම්පූර්ණයෙන් අඩාලවී තිබෙනවා. මහනුවර හිරු වාර්තාකරු ආර්.එම්.ආර්. රත්නායක සඳහන් කළේ මහනුවර දුම්රිය ස්ථානයෙන් කිසිදු දුම්රියක් අද දිනයේ ධාවනය නොවු බවයි.
මේ වර්ජනයත් සමඟ මාතර දුම්රිය ස්ථානයෙන්ද මෙතෙක් කිසිදු දුම්රියක් ධාවනය නොවූ බවයි මාතර හිරු වාර්තාකරු පී.බී. මුතුකුමාරණ සඳහන් කළේ.