Gossips

ආණ්ඩුව දුරකථනවලට සවන් දෙන බව ඒකාබද්ධය කියයි

ආණ්ඩුව දේශපාලනඥයින්ගේ සහ මාධ්‍යවේදීන්ගේ දුරකථනවලට සවන් දෙන බවට ඒකාබද්ධ විපක්ෂය අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම චෝදනා කළා.
එහිදී මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ නුගේගොඩ පිහිටි නිවසක මෙම දුරකථනවලට සවන්දීමේ කටයුතු නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ අධීක්ෂණය යටතේ සිදු කෙරෙන බවයි.