Gossips

වර්ජනයක් ගැන වෛද්‍ය නිලධාරීන්ගෙන් යළි අනතුරු ඇඟවීමක්

සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස රාජිත සේනාරත්න අනිසි බලතල උපයෝගී කරගනිමින් වෛද්‍ය සභාවේ ක්‍රියාකාරිත්වට මැදිහත් වන්නේනම් නැවත දැනුම්දීමකින් තොරව ක්‍රියාත්මක වන වැඩ වර්ජනයකට යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
මේ අතර, ශ්‍රි ලංකා වෛද්‍ය සභාව සම්බන්ධයෙන් පැනනැගී ඇති ගැටලුව මූලික කරගනිමින් වෛද්‍ය සභාව ඉදිරිපිටදී විරෝධතාවක් පැවැත්වුණා.
වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය සහ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව අද පෙරවරුවේ ශ්‍රී ලංකා වෛද්‍ය පීඨය ඉදිරිපිටදී මෙලෙස විරෝධතාවක නිරත වුණා.
ඒ, වෛද්‍ය සභාවේ ක්‍රියාකාරිත්වයට එල්ලවන අනිසි බලපෑම්වලට විරෝධය පළ කරමින්.