Gossips

ස්වයංක්‍රීය ගිනි අවියක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට

අවිස්සාවේල්ල ප්‍රදේශයේදී ස්වයංක්‍රීය ගිනි අවියක් සමග පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පූගොඩ විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කණ්ඩායමකට ලැබුනු තොරතුරකට අනුව උක්වත්ත පොදු සුසාන භූමිය අසලදී සැක කටයුතු ත්‍රී රෝද රථයක් නවතා පරීක්ෂා කිරීමේදීයි ගිනි අවිය සමග සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.
ත්‍රී රෝද රථයේ ගමන් කළ පුද්ගලයා සතුව ගිනි අවිය සහ මැගසිනයක් තිබී ඇති අතර ත්‍රී රෝද රථ රියදුරා ද අත්අඩංගුවට ගැනුනා.
සැකකරුවන් දෙදෙනා අවිස්සාවේල්ල රාජසිංහ මාවත ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි අයෙක් සහ පුවක්පිටිය ප්‍රගතිපුර ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි අයෙක්.
ඊයේ අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයන් දෙදෙනා අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
අවිස්සාවේල්ල පොලිසිය විමර්ශණ මෙහෙයවනවා.