Gossips

තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කරයි

අවිස්සාවේල්ල බස් නැවතුම්පළ අසලදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.
ඊයේ රාත්‍රී 11 ට පමණ මෙම ඝාතනය සිදුව ඇති බවයි පොලිසිය කියා පැවසුවේ.
මෙලෙස මියගොස් ඇත්තේ අවිස්සාවේල්ල සෙනෙවිපුර ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි පුද්ගලයෙක්.
පෞද්ගලික හේතුවක් මත මේ ඝාතනය සිදුකර ඇති බවටයි මුලික පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ.
ඝාතනය සම්බන්ධයෙන් අවිස්සාවේල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.