රුපියල් තුන්කෝටි අසූහත් ලක්ෂයක මූල්‍ය වංචාවට අදාළව, අනුරාධපුර මහ නගර සභාවේ සේවකයන් පිරිසකගේ ගිණුම් වාර්තා ලබාදෙන ලෙස, රාජ්‍ය සහ පෞද්ගලික බැංකු කිහිපයකට අධිකරණය අද නියෝග කළා.
අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙහිදී නියෝග කර ඇත්තේ මහ නගර සභාවේ ලිපිකරුවන් සිව්දෙනෙකු , ආදායම් පාලකවරයෙකු සහ තවත් සේවකයන් පිරිසකගේ ගිණුම් පිළිබඳ තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදෙන ලෙසයි.
මෙම වංචාව සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැණුනු අනුරාධපුර මහ නගර සභාවේ වැටුප් සකසන්නිය අනිද්දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිනවා.