Gossips

ප්‍රසාද මන්ත්‍රී ධුර අහෝසි වීම ගැන පැහැදිලි කිරීමක්

පළාත් පාලන ආයතන සංස්ථාපනය කිරීමේ ගැසට් පත්‍රයට විෂය භාර අමාත්‍යවරයා විසින් අද (14) අත්සන් තැබීමට නියමිත බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය ප්‍රකාශ කළා.
පළාත් පාලන ආයතන සංස්ථාපනය කිරීම හෙට දිනයේදී සිදුකිරීමට නියමිතව තිබුණ ද එය මාර්තු මස 6 වනදා දක්වා කල් තැබුණේ ජයග්‍රහණය කළ කාන්තා නියෝජිතයන්ගේ අවසන් ලේඛනය සැකසීම ප්‍රමාදවීම හේතුවෙන්.
මේ අතර, නව පළාත් පාලන මැතිවරණ ක්‍රමය අහෝසි කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රකාශ කළා.
එහි පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ කොළඹ අද(14) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ එහි ගැටලූ රැසක් පැවතීම හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට ද බාධා මතුව ඇති බවයි.
අප මේ සම්බන්ධයෙන් පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශයේ නීති නිලධාරිනි ගයනි ප්‍රේමතිලකගෙන් විමසීමක් කළා.
නව මැතිවරණ ක්‍රමය යටතේ මීට පෙර පැවති ප්‍රසාද මන්ත්‍රී ධුර අහෝසි වී මිශ්‍ර ක්‍රමයක් යටතේ මන්ත්‍ර‍්‍රී ධුර බෙදාදීම සිදුකෙරෙනවා.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු පැහැදිලි කරන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ නීති නිලධාරි නීතිඥ ගයනි ප්‍රේමතිලක හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.