Gossips

හාලිඇල සහ වැල්ලවායේ රක්ෂිතවල ගිනි ගැනීම්

හාලිඇල ප්‍රදේශයේ රක්ෂිතයක ගින්නක් හටගෙන තිබෙනවා.
අප වාර්තාකරු සඳහන් කළේ ගින්න හේතුවෙන් රක්ෂිතයේ ඇති ගස් සහ කුඩා ශාඛ විශාල ප්‍රමාණයකට හානි සිදුව ඇති බවයි.
ගින්න මැඩපැවැත්වීමට පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව කටයුතු කරනවා.
බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒකකය පෙන්වා දෙන්නේ විවිධ පුද්ගලයන් විසින් මෙලෙස කැලෑ ගිනි තැබීම් සිදුකරන බවයි.
මේ අතර වැල්ලවාය ආනපල්ලම ප්‍රදේශයේ සපුගොඩ කඳු රක්ෂිතයේ ද අද දහවල් විශාල ගින්නක් හටගෙන තිබෙනවා.
එය මේ වන විට රක්ෂිතය පුරා පැතිර යමින් පවතින බවයි අප වාර්තාකරුවන් කියාසිටියේ.
ගින්න හේතුවෙන් රක්ෂිතයේ ඇති වටිනා ශාඛ විශේෂ මෙන්ම සතුන්ට ද හානි සිදුවන බව ප්‍රදේශවාසීන් පෙන්වා දෙනවා.