Gossips

වාද්දූව සාදයේ සංවිධායකයින් අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා විරෝධතාවක්

වාද්දූව ප්‍රදේශයේ වෙරළාසන්න හෝටලයක සාදයක් අතරතුරදී පුද්ගලයන් 4 දෙනෙකු මියයාමේ සිද්ධියට අදාළව මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නැහැ.
ඊයේ දිනයේදී සාදය පැවති හෝටලය රජයේ රස පරීක්ෂකවරයාගේ විමර්ශණයට ලක් වූ අතර එම අවස්ථාව වන තෙක් හෝටලයට විශේෂ පොලිස් ආරක්ෂාවක් ද සපයා තිබුණා.
දැනට සිදුකරන ලද පරීක්ෂණවලින් අනාවරණ වී ඇත්තේ මෙම සාදය සදහා බීර සහ විදේශීය මත්පැන් යොදා ගෙන ඇති බවටයි.
එමෙන්ම, සාදය සදහා විදේශිකයන්, කාන්තාවන් ඇතුලූ පුද්ගලයින් 1500කට වැඩි පිරිසක් සහභාගි වී ඇති බවටයි වාර්තා වන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් දැනට පුද්ගලයින් 50 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.
පසුගිය 4 වන දා රාත්‍රී කාලයේ පෞද්ගලික සමාගමක් මෙම සාදය පවත්වා තිබුණේ සමාජ මාධ්‍ය ඔස්සේ හදුනාගත් පිරිසක් එක් කරගනිමින්.
ඊට පෞද්ගලික ආයතනයක් විශේෂ ආරක්ෂාවක් ද ලබාදී තිබුණා.
එහිදී මිය ගිය පුද්ගලයින් සාදය අතරතුර රෝහල් ගත කර තිබුණේ අධික උණ සහ ශ්වසන අපහසුතා හේතුවෙන්.
මේ අතර, වාද්දූව සාදයේ සංවිධායකයින් අත්අඩංගුවට ගන්නා ලෙස සහ ප්‍රදේශයේ මත් උවදුරට විරෝධය පළ කරමින් ජාතික නිදහස් පෙරමුණට අනුබද්ධ ලක්මව දියණියෝ සංවිධානය වාද්දුව පොලීසිය ඉදිරිපිට අද උදෑසන උද්ඝෝෂණයක් සංවිධාන කර තිබුණා.