Gossips

කරුණානිධිගේ දේහය මරීනා ප්‍රදේශයේ මිහිදන් කිරීමට අධිකරණයෙන් අවසර

අභාවප්‍රාප්ත තමිල්නාඩු හිටපු මහඇමති මුත්තුවේල් කරුණානිධිගේ දේහය චෙන්නායිහි, මරීනා ප්‍රදේශයේ මිහිදන් කිරීමට මදුරාසි මහාධිකරණය අවසර ලබා දී තිබෙනවා.
ඒ අද පෙරවරුවේ පැවති විශේෂ අධිකරණ රැස්වීමකදීයි.
මරීනා ප්‍රදේශයේ දේහය මිහිදන් කිරීම සදහා කරුණානිධිගේ පුත් එම්.කේ.ස්ටාර්ලින් කළ ඉල්ලීමක් තමිල්නාඩු ප්‍රාන්ත රජය ප්‍රතික්ෂේප කර තිබුණා.
ප්‍රාන්ත රජයේ එම තීරණයට එරෙහිව කරුණානිධිගේ ඞී.එම්.කේ පක්ෂය ඊයේ රාත්‍රියේ මදුරාසි මහාධිකරණයට පෙත්සමක් ගොනුකළ අතර එහි තීන්දුවයි අද ප්‍රකාශයට පත් වුණේ.