Gossips

Update – අඟුලානේදී පීල්ලක් කැඩී ප්‍රමාද වූ මුහුදුබඩ දුම්රිය ධාවනය යථා තත්වයට

අඟුලාන – පල්ලිය ආසන්නයෙන් මුහුදුබඩ මාර්ගයේ පීල්ලක් කැඩී යාම හේතුවෙන් දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වුණා.
කෙසේ වෙතත්, මේ වන විට තාවකාලික දුම්රිය පීල්ලක් යොදා ගනිමින් මාර්ගය පිළිසකර කර ඇති බවයි අඟුලාන දුම්රිය ස්ථානයේ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී සඳහන් කළේ.
මේ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ කාර්යාලයීය දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් සිදු වුණා.
Update :- Wednesday, August 8, 2018, 9.07 am
—————————————————————————–
අඟුලාන – පල්ලිය ආසන්නයෙන් මුහුදුබඩ මාර්ගයේ පීල්ලක් කැඩී යාම හේතුවෙන් දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව දුම්රිය පාලක මැදිරිය පවසනවා.