Gossips

ඥානසාර හිමි අධිකරණය හමුවේ වරදකරු වෙයි

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව ගොනු කර ඇති චෝදනා 04ටම උන්වහන්සේ වරදකරු බව අභියාචනාධිකරණය අද (08) තීන්දු කළා.
මේ පිළිබඳව අභියාචනාධිකරණ සභාපති විනිසුරු පී‍්‍රති පද්මන් සූරසේන සහ ශිරාන් ගුණරත්න විසින් නඩුව කැදවූ අවස්ථාවේදී දැනුම් දෙනු ලැබුවා.
හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදන් කිරීමේ නඩුව අවසන් වීමෙන් පසු එම අධිකරණ ශාලාව තුළ කලහකාරී ලෙස හැසිරීමෙන් ඥානසාර හිමියන් අධිකරණයට අපහාසයක් සිදුකර ඇත්දැයි විභාග කර ඒ පිළිබදව පියවරක් ගන්නා ලෙස ඉල්ලා එවකට හෝමාගම මහේස්ත්‍රාත්වරයා ලෙස කටයුතු කළ වත්මන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මෙම පෙත්සම අභියාචනාධිකරණයට යොමුකර තිබුණා.
ඒ අනුව අභියාචනාධිකරණය විසින් මීට පෙර කරන ලද නියෝගයකට අනුව කරුණු සලකා බැලූ නීතිපතිවරයා ඥානසාර හිමියන්ට එරෙහිව චෝදනා 4ක් යටතේ මෙම පෙත්සම ගොනු කරනු ලැබුවා.