Gossips

කේබල් කාර් ව්‍යාපෘතියෙන් සීගිරියට හානියක් නැහැ – ව්‍යාපෘති සමාගම කියයි

සීගිරියේ කේබල් කාර් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම තුළින් සීගිරි පර්වතයට කිසිදු හානියක් සිදු නොවන බව එම ව්‍යාපෘති සැකසුමේ නිරත විදෙස් සමාගමේ ශ්‍රී ලාංකික නියෝජිත සරත් පෙරේරා පවසනවා.
හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ව්‍යාපෘතියට ආයෝජනය කිරීමට සූදානම් වූ චීන සමාගම් නියෝජිතයන් පසුගිය දිනවල ඇතිවූ විවිධ සිදුවීම් සමඟ දැඩි අපහසුතාවට පත්ව සිටින බවයි.
කෙසේ වෙතත් මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් බලධාරීන් සමඟ ඉදිරියේදී සාකච්ඡා කිරීමට අදාළ සමාගම සූදානම් බවද ඔහු සඳහන් කළා.