Gossips

බිලියන විස්ස ඉක්මවූ පරිපූරකයක් පාර්ලිමේන්තුවට

රුපියල් බිලියන 27 කට වැඩි පරිපූරක ඇස්තමේන්තුවක් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ගයන්ත කරුණාතිලක අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.
එහි වැඩිම මුදලක් වන රුපියල් බිලියන 09 කට වැඩි මුදලක් වෙන් වී ඇත්තේ පුනරාවර්තන වියදම් ලෙස සමෘද්ධි සහනාධාර වැඩසටහනේ වියදම් සඳහායී.
රුපියල් බිලියන 05 කට වැඩි මුදලක් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට වෙන්ව ඇති අතර, උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ප්‍රතිපාදන වෙනුවෙන් රුපියල් බිලියන 04 කට වැඩි මුදලක් වෙන්ව තිබෙනවා.
ඊට අමතරව උතුර – නැගෙනහිර හමුදා කඳවුරු යළි ප්‍රතිස්ථාපනය කිරීම, රජයේ ණය ආපසු ගෙවීම සහ රජයේ ආයතන සඳහා වාහන මිලදී ගැනීමටද අතිරේක ප්‍රතිපාදන මෙම පරිපූරක ඇස්තමේන්තුවෙන් ප්‍රතිපාදන වෙන්කර තිබීම විශේෂත්වයක්.