එදිරිසිංහ සමූහ ව්‍යාපාරයට අයත් පෞද්ගලික දේපල සම්බන්ධයෙන් මහබැංකුව මේ වන තෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව ETI තැන්පත්කරුවන් සුරැකීමේ ස්වාධීන සංගමය චෝදනා කරනවා.
ඔවුන් පවසන්නේ තැන්පත්කරුවන් 24,000 කගේ මුදල් වංචා කර ඇති නමුත් එදිරිසිංහ සමූහ ව්‍යාපාරයේ බලධාරීන් සම්බන්ධයෙන් මහබැංකුව තවමත් කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවයි.
ඊට එක්වෙමින් අදහස් දැක්වූ එහි නියෝජිතයන් වන අනූෂා ජයන්ති කියා සිටියේ ඊ.ටී.අයි. තැන්පත්කරුවන්ගේ තැන්පතුවලින් සියයට 70 ක් මේ වනවිටත් අනතුරේ පවතින බවයි.
ඒ පිළිබඳව තැන්පත්කරුවන් දැනුම්වත් කිරීම සඳහා හෙට උදෑසන 9 ට හයිඩ් පිටියේදී විශේෂ රැස්වීමක් කැඳවා ඇති බවද ඇය කියා සිටියා.