Gossips

මොරගහකන්ද කළු ගඟ ව්‍යාපෘතියේ අක්‍රමිකතා පිළිබඳ දැනුම්දීමට ජනපතිගෙන් විශේෂ ඒකකයක්

මොරගහකන්ද කළු ගඟ සංවර්ධන ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතුවලට අදාළව දුෂණ වංචා සහ අක්‍රමිකතා පිළිබඳ තොරතුරු දැනුම්දීමට විශේෂ ඒකකයක් ස්ථාපිත කර තිබෙනවා.
ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතුවල වංචා දුෂණ සහ අක්‍රමිකතා පිළිබඳ නිශ්චිත තොරතුරු කිසිවක් සාක්ෂි සහිතව ඇත්නම් ඒවා මෙම ඒකකයට දැනුම්දිය හැකි වනවා.
පසුගිය ජුලි මස 23 වනදා කළු ගඟ ජලාශයේ දියවර රැඳවුම් මංගල්‍යයේදී මෙම විශේෂ ඒකකය කඩිනමින් ස්ථාපිත කරන බවට ජනාධිපතිවරයා කළ ප්‍රකාශය අනුවයි මෙම පියවර ගෙන ඇත්තේ.
ඒ අනුව 011 – 2034159 දුරකථන අංකය සහ 011 – 2879976 යන ෆැක්ස් අංකය ඔස්සේ මේ පිළිබඳ සාක්ෂි සහිතව තොරතුරු දැනුම්දීමට හැකියාව පවතිනවා.
එමෙන්ම "අධ්‍යක්ෂ විමර්ශණ, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශය, සොබාදම් පියස, අංක 416/සී/1, රොබට් ගුණවර්ධන මාවත, බත්තරමුල්ල." යන ලිපිනයට ද පැමිණිලි යොමුකළ හැකි බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.