Gossips

පුජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් රෝහල් ගතකරයි

පුජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අසාධ්‍ය වී ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුලත් කර තිබෙනවා.
උන්වහන්සේ ඊයේ රාත්‍රියේ අසාද්‍ය වී තිබෙන අතර වකුගඩුවල ඇති රෝගී තත්වයක් හේතුවෙන් මිට පෙර දෙවතාවක් සැත්කමකට ලක් කර තිබෙන බවත් එම රෝගය උත්සන්න වී යලිත් රෝහල්ගත කර තිබෙන බවත් සඳහන්.
අද උදෑසන උන්වහන්සේගේ රෝගය සම්බන්ධයෙන් පරීක්ෂණ කිහිපයක් සිදු කර තිබෙන අතර එම පරීක්ෂණ වාර්තා අලුව බොහෝ දුරට අද උන්වහන්සේව සැත්කමකට ගැනීමට නියමිත බවද පැවසෙනවා.
උන්වහන්සේට 2006 වර්ෂයේ කළුබෝවිල රෝහලේ හා ඉන්දියාවේ රෝහලකත් සැත්කම් සිදු කර තිබෙනවා.