Gossips

කථානායක ගැන පොහොට්ටුවේ විරෝධය

විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් කථානායක කරු ජයසූරිය පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුව නිවැරදි තීරණයක් ගනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
කොළඹ අද කැදවා තිබූ තවත් මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති, මහාචාර්ය ජී.එල්. පීරිස් කියා සිටියේ විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් කථානායකවරයා නීතිවිරෝධී තීරණයක් ගෙන ඇති බවයි.
මේ අතර, විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන මතය අද පස්වරුවේ පැවැත්වීමට නියමිත පක්ෂ නායක රැස්වීමේදී සාකච්ඡා කර, පාර්ලිමේන්තුවට දැනුම් දෙන බව කථානායක කාර්යාලය ප්‍රකාශ කළා.