Gossips

යතුරුපැදි අනතුරකින් පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට (ඡායාරූප)

කලාවැව – වැව් බැම්ම මතදී ඊයේ (06) පස්වරුවේ සිදුවූ අනතුරකින් 16 හැවිරිදි පාසල් සිසුවකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඉපලෝගම පොලිසිය පවසන්නේ අධික වේගයෙන් ධාවනය වූ යතුරුපැදියක් වේගය පාලනය කර ගැනීමට නොහැකිව වැව් බැම්මේ පසෙක තිබූ කොන්ක්‍රීට් කණුවක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.
මිය ගිය පාසල් සිසුවාගේ සහෝදරයාට අයත් යතුරුපැදියක් ඔහු නිවසේ නොසිටි අවස්ථාවක සිසුවා විසින් රැගෙනවිත් තවත් යතුරුපැදි කිහිපයක් සමඟ වැව් බැම්ම මත අධීක වේගයෙන් ධාවනය කරමින් සිටියදී මෙලෙස අනතුරට පත්ව ඇති බවයි මුලික පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ.
අනතුර සිදුවන අවස්ථාවේදී පාසල් සිසුවා ආරක්‍ෂිත හිසු වැසුම් ද පැළඳ නොසිටි බවට අනාවරණය වී තිබෙනවා.
අනතුරින් සිසුවාගේ හිසට බරපතල හානි සිදුව ඇති අතර බරපතල තුවාල ලබා සිටි ඔහු කලාවැව ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කරන විටත් මියගොස් සිටි බවයි අප වාර්තාකරු පවසන්නේ.

ඡායාරූප – කැකිරාව, කුෂාන් ජයවර්ධන