Gossips

සෞදිය, කැනඩාව සමඟ සබඳතා අත්හිටුවයි – තානාපතිත් පිටුවහල් කරයි

කැනඩාව සමඟ සියලූ රාජ්‍ය තාන්ත්‍රික සහ වෙළඳ සබදතා වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට සෞදි අරාබිය තීරණය කර තිබෙනවා.
සෞදි රජය මෙම තීරණය ගැනීමට හේතු වී ඇත්තේ දැනට එරට අත්අඩංගුවේ සිටින සිවිල් සමාජීය හා කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින කැනේඩියානු පුරවැසිභාවය හිමි සමර් බඩාවි ඇතුළු ක්‍රියාකාරීන් නිදහස් කරන මෙන් ඉල්ලා කැනඩා විදේශ කටයුතු ඇමතිවරිය සිදුකළ ඉල්ලීමක්.
මෙය සෞදි රජයේ කටයුතුවලට අනවශ්‍ය අතපෙවීමක් ලෙස ඔවුන් පෙන්වා දී තිබෙනවා.
ඊට අමතරව සෞදියේ සිටින කැනේඩියානු තානාපතිවරයාට පැය 24ක් තුළ රටින් පිටවන ලෙසත්, කැනඩාවේ සිටින සෞදි තානාපතිවරයාට යළි සිය රට පැමිණෙන ලෙසත් නියෝග කර ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.
එමෙන්ම වහාම ක්‍රියාත්මක වන පරිදි සෞදි ගුවන් සේවය කැනඩාව සමඟ ගුවන් ගමන් ද සම්පූර්ණයෙන්ම නවතා දමා තිබෙනවා.