Gossips

ඇඟලුම් අපනයනය ඉහළට

මෙරට ඇඟලූම් අපනයනය පසුගිය ජුනි මාසයේදී, පෙර වසරට සාපේක්ෂව සියයට 12.1කින් වර්ධනය වී තිබෙනවා.
යුරෝපා සංගමය ඇතුළු අනෙකුත් වෙළඳපොළ වෙත ඇඟලූම් අපනයනය ඉහළ යාම එම වර්ධනයට හේතුවයි.
ජුනි මාසයේදී ශ්‍රී ලංකාව ඇඟලූම් අපනයනයෙන් ඉපයූ ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 427ක්.
වසරේ මුල් අර්ධය සැලකූ විට ඇඟලූම් අපනයනයෙන් ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 2.4ක් උපයා ඇති අතර, එය පෙර වසරට සාපේක්ෂව සියයට 5ක වර්ධනයක් ලෙස සැලකිය හැකියි.