Gossips

සම්බාහනයට මුවාවී කරගෙන ගිය ගණිකා ජාවාරම

පරණ කෝට්ටේ පාර, රාජගිරිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් පොලිසිය විසින් ඊයේ (06) රාත්‍රියේ වටලා තිබෙනවා.
ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇති අතර එහිදී කාන්තාවන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර අයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් මෙම ගණිකා නිවාසය පවත්වාගෙන ගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.
අත්අඩංගුවට ගැනුණු කාන්තාවන් අතර එම ස්ථානයේ කළමනාකාරිය ලෙස සේවය කළ කාන්තාවක් සහ ගණිකා වෘත්තියේ නියැලුණු කාන්තාවන් 05 දෙනෙක් සිටිනවා.
මොවුන් වයස අවුරුදු 38, 26, 30 සහ 29 යන වයස් සීමාවල පසුවන්නියන් බවයි පොලිසිය පවසනේ.
නාරාහේන්පිට, පිළියන්දල, බේරුවෙල, දුණුවිල, මහරගම සහ පානදුර යන ප්‍රදේශවල පදිංචිකාරිනියන් වන මොවුන් අද (07) දින අලුත් කඩේ අංක 04 මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.