Gossips

දුම්රිය අනතුර ගැන විධිමත් පරීක්ෂණයක් පවත්වන්නැයි විෂයභාර ඇමතිගෙන් උපදෙස්

පොල්ගහවෙල දුම්රිය ස්ථානයට ආසන්නයේ පනලිය ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ සිදුවූ දුම්රිය අනතුර සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, දුම්රිය සාමාන්‍යාධිකාරී එස්.එම්. අබේවික්‍රම වෙත නියෝග කර තිබෙනවා.
අනතුර සිදුකළ දුම්රිය රියදුරාගේ සේවය තාවකාලිකව අත්හිටුවා මෙම පරීක්ෂණ සිදුකරන ලෙසයි දැනුම් දී ඇත්තේ.
ඊට අමතරව මෙම පරීක්ෂණ සඳහා දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිපුද්ගල කමිටුවක් ද පත් කර තිබෙනවා.