පොල්ගහවෙල පනලිය දුම්රිය අනතුර හේතුවෙන් කොළඹ කොටුව සිට බදුල්ල බලා ගමන්කිරීමට නියමිතව තිබූ රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කර තිබෙනවා.
මේ අතර දුම්රිය අනතුරෙන් තුවාල ලබා පොල්ගහවෙල රෝහලට ඇතුලත් කළ තුවාලකරුවන් අතරින් 5 දෙනෙකු කුරුණෑගල රෝහල වෙත මාරුකර යවා ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.
පොල්ගහවෙල දුම්රිය ස්ථානයට ආසන්නයේ පනලිය ප්‍රදේශයේදී දුම්රිය දෙකක් ගැටීමෙන් පුද්ගලයින් 25 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
කොළඹ සිට නුවර බලා ධාවනය වෙමින් තිබූ දුම්රිය පොල්ගහවෙල දුම්රිය ස්ථානයට ආසන්නයේ පනලිය ප්‍රදේශයේදී කිසියම් දෝෂයක් හේතුවෙන් නතර වී තිබෙනවා.
පස්වරු 4යි 50ට කොළඹ සිට රඹුක්කන බලා ධාවනය වූ දුම්රිය නතර කර තිබූ දුම්රියෙහි පිටුපස ගැටී ඇති බවයි දුම්රිය ආරක්ෂක අධිකාරී අනුර ප්‍රේමරත්න සඳහන් කළේ.
Update : 20.11
පොල්ගහවෙල දුම්රිය ස්ථානයට ආසන්නයේ සිදුවූ දුම්රිය අනතුර හේතුවෙන් මේ වනවිට ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී තිබෙනවා.
පොල්ගහවෙල දුම්රිය ස්ථානයට ආසන්නයේ පනලිය ප්‍රදේශයේදී දුම්රිය දෙකක් ගැටීමෙන් පුද්ගලයින් 25 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
කොළඹ සිට නුවර බලා ධාවනය වෙමින් තිබූ දුම්රිය පොල්ගහවෙල දුම්රිය ස්ථානයට ආසන්නයේ පනලිය ප්‍රදේශයේදී කිසියම් දෝෂයක් හේතුවෙන් නතර වී තිබෙනවා.
පස්වරු 4යි 50ට කොළඹ සිට රඹුක්කන බලා ධාවනය වූ දුම්රිය නතර කර තිබූ දුම්රියෙහි පිටුපස ගැටී ඇති බවයි දුම්රිය ආරක්ෂක අධිකාරී අනුර ප්‍රේමරත්න සඳහන් කළේ.
Update :