Gossips

නව ව්‍යස්ථා සංශෝදන කෙටුම්පත රටට අහිතකරයි

නව ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත රටට අහිතකර කරුණු රැසක් සමගින් රහසිගතව සකස් කරමින් පවතින බවට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ චෝදනා කරනවා.
එහි සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස් මේ බව කියා සිටියේ කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
මේ අතර, ජාතික ආණ්ඩුව තුළ, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කිරීමේ කුමන්ත්‍රණයක නිරත බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන එම මාධ්‍ය හමුවට එක්වෙමින් කියා සිටියා.