Gossips

වෛද්‍යවරුන් තවත් වර්ජනයකට සැරසේ

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව අහෝසි කිරීමට සූදානම් වන බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරනවා.
කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමය සඳහන් කළේ එවැනි තීන්දුවක් ගන්නා ඕනෑම මොහොතක කිසිදු දැනුම් දීමකින් තොරව අඛණ්ඩ වෛද්‍ය වර්ජනයක් ආරම්භ කරන බවයි.
මේ අතර, විවිධ අරමුණු සහිතව ඇතැම් පුද්ගලයන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට අනිසි බලපෑම් සිදුකරන බවට වෛද්‍ය පීඨ ආචාර්යවරුන්ගේ සම්මේලනය චෝදනා කළා.
එමගින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ මෙරට වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය පහත හෙලීමේ ප්‍රයත්නයක් ක්‍රියාත්මක වෙමින් පවතින බවයි.