Gossips

ස්විස් ෆෙඩරල් මන්ත්‍රණ සභාවේ සභික සිමොනෙත්තා සොම්මරුගා ජනපති හමු වෙයි

මෙරට සංචාරයක නිරත ස්විට්සර්ලන්ත ස්විස් ෆෙඩරල් මන්ත්‍රණ සභික සහ යුක්තිය හා පොලිස් කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ ප්‍රධානී සිමොනෙත්තා සොම්මරුගා ( Simmonetta Sommaruga ) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවී තිබෙනවා.
අද (06) දහවල් මේ හමුවීම සිදුවූ බවයි ජනපති මාධ්‍ය අංශය සදහන් කළේ.
මේ අතර, ශ්‍රී ලංකාව හා ස්විට්සර්ලන්තය අතර සංක්‍රමණික හවුල්කාරීත්වයක් පිළිබඳ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමද අද විදේශ කටයුතු අමාත්‍යාංශයේදී සිදුව තිබෙනවා.