Gossips

විපක්ෂ නායකයා ගැන තීරණයක් ගන්න, සන්ධාන නායකයින් රැස්වෙයි

විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹීම සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකයින් අද රාත්‍රියේ කොළඹදී රැස්වීමට නියමිතයි.
එහිදී විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් ගනු ලබන තීරණය කථානායකවරයාට දැනුම්දීමෙන් පසු හෙට දිනයේ පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරයේදී එය ප්‍රකාශයට පත් කෙරෙනු ඇති බවටයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.
කෙසේ වෙතත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක අමාත්‍ය දුමින්ද දිසානායක අද අනුරාධපුරයේදී මාධ්‍යයට අදහස් දක්වමින් කියා සිටියේ විපක්ෂ නායක ධුරයේ කිසිදු වෙනසක් සිදු නොවන බවයි.
එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ විපක්ෂ නායක ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දිනේෂ් ගුණවර්ධන සහ කුමාර වෙල්ගමගේ නම් යෝජනා කළ ලිපි දෙකක් ද තමන් වෙත ලැබී ඇති බවයි.
ඒ සම්බන්ධයෙන් අද දිනය තුළ අවසන් තීරණයකට එළඹීමට හැකි බව ද ඔහු කියා සිටියා.