Gossips

වී.කේ. ඒ. අනුර යළි කොළඹ නාගරික කොමසාරිස් ධුරයට

වැඩ තහනමට ලක්වූ වී.කේ.ඒ. අනුර යළි කොළඹ මහනගර සභාවේ නාගරික කොමසාරිස් ධුරයට පත් කර තිබෙනවා.
බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා විසින් අදාළ පත් කිරීම සිදුකර ඇති බවයි කොළඹ මහනගර සභාව සඳහන් කළේ.
මීතොටමුල්ල කසල කන්ද කඩා වැටීමේ සිද්ධියට අදාළව හිටපු මහාධිකරණ විනිසුරු චන්ද්‍රදාස නානායක්කාරගේ ප්‍රධානත්වයෙන් සිදුකළ විමර්ශනයේ වාර්තාවට අනුව බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා විසින් ඔහු වැඩ තහනමට ලක් කළේ පසුගිය මාර්තු මස 2 වන දායි.
කොළඹ මහ නගර සභාව කසළ බැහැර කිරීම පිළිබඳ විධිමත් වැඩපිළිවෙලක් අනුගමනය නොකිරීම සහ ඉදිරිපත් කළ යෝජනා නිසි අයුරින් ක්‍රියාත්මක නොකිරීමද මීතොටමුල්ල ඛේදවාචකයට හේතුවූ බව පෙබරවාරි 6 වන දා ජනාධිපතිවරයාට භාර දුන් එම වාර්තාවේ සඳහන් කර තිබුණා.