Gossips

කෝලි පෙරමුණ ගනී

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ටෙස්ට් පිතිකරු ශ්‍රේණි ගතකිරීම් ලැයිස්තුවේ පෙරමුණ ගැනීමට ඉන්දීය නායක විරාට් කෝලි සමත්වී තිබෙනවා.
2011 වසරේදී සචින් තෙන්ඩුල්කාර් පළමු ස්ථානයට පත්වීමෙන් පසු එම ලැයිස්තුවේ පෙරමුණ ගත් ක්‍රීඩකයා විරාට් කෝලි වීම විශේෂත්වයක්.
මීට පෙර එම ස්ථානයේ පසුවුණේ මේ වනවිට ක්‍රිකට් තහනමකට ලක්ව සිටින හිටපු ඕස්ට්‍රේලියා නායක ස්ටීවන් ස්මිත්.
පසුගියදා එංගලන්තය සමඟ පැවති පළමු ටෙස්ට් තරගයේදී විරාට් කෝලි දැක්වූ දක්ෂතා හේතුවෙන් ශ්‍රේණි ගතකිරීම්වල පෙරමුණ ගැනීමට ඔහුට හැකිවී තිබෙනවා.
එම තරඟයේ පළමු ඉනිම වෙනුවෙන් ඉන්දියාව ලකුණු 274 ක් රැස් කළ අතර, ඉන් ලකුණු 149 ක් ම ලබා ගත්තේ විරාට් කෝලියි.
එම තරඟයේ දෙවන ඉනිම සඳහා ඔහු ලකුණු 51 ක් රැස් කළා.