Gossips

ඡන්දය ඉල්ලා ඒකාබද්ධය මැතිවරණ කොමිසමට

විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අවසන් තීරණය අද (06) දිනයේදී කථානායකවරයාට ලබාදීමට කටයුතු කරන බව සන්ධාන මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළා.
හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු කියා සිටියේ අද පස්වරුවේ පැවැත්වෙන සන්ධාන පක්ෂ නායකවරුන්ගේ රැස්වීමේදී ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹෙන බවයි.
අමාත්‍යවරයා කියා සිටියේ විපක්ෂ නායක ධූරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දිනේෂ් ගුණවර්ධනගේ සහ කුමාර වෙල්ගමගේ නම් යෝජනා කළ ලිපි දෙකක් තමන් වෙත ලැබී ඇති බවයි.
කෙසේ වෙතත් ඒකාබද්ධ විපක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන විපක්ෂ නායක ධූරයට පත් කළ යුතු බවට ඒකාබද්ධ විපක්ෂයේ සියලූ මන්ත්‍රීවරුන් මේ වනවිටත් ඒකමතිකව තීරණය කර ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල කියා සිටියේ.
එමෙන්ම විපක්ෂ නායක ධුරය, ඒකාබද්ධ විපක්ෂයට ලබා නොදීමට කථානායක කරූ ජයසූරිය හෙට දිනයේදී කටයුතු කළහොත් පාර්ලිමේන්තුවේ සභා ගර්භය මැදට පැමිණ ජනතාව වෙනුවෙන් විරෝධතා දක්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන සඳහන් කළා.
ඒ, කොළඹ අද කැඳවා තිබූ තවත් මාධ්‍ය හමුවකදීයි.
මේ අතර පලාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සඳහා ඒකාබද්ධ විපක්ෂය අද පස්වරුවේ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය හමුවීමට නියමිතයි.