Gossips

මුද්‍රණාල සේවකයින් සංකේත වර්ජනයක

රජයේ මුද්‍රණාල සේවකයින් අද මධ්‍යහ්න 12 සිට සංකේත වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.
එහි වෘත්තිය සමිති ඒකාබද්ධ බල මණ්ඩලයේ කැඳවුම්කරු එම්.ඞී.ආර්. අතුල සඳහන් කළේ දේශපාලන පළිගැනීම්වලට ලක්වූ පුද්ගලයින් යැයි පවසා 13 දෙනෙකු සේවයට එක් කරගැනීමට පාලනාධිකාරිය ගෙන ඇති තීරණයට විරෝධය පළ කිරීම සඳහා මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය ආරම්භ කළ බවයි.
මේ හේතුවෙන් මුද්‍රණාලයේ කටයුතු මේ වනවිට ඇණහිට ඇති බව ඔහු කියා සිටියා.