Gossips

බුලත්සිංහල කොල්ලයට තවත් 5ක් අත්අඩංගුවට, කොල්ලකන ලද මුදල් තොගයකුත් සොයාගනී

බුලත්සිංහල – හොරණ පාර – පහළ නාරගල ප්‍රදේශයේදී මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ල කර රුපියල් කෝටි 03කට ආසන්න මුදල් කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ කොල්ල කන ලද මුදලින් රුපියල් එක්කෝටි 65 ලක්ෂ 91,800 ක්ද ඔවුන් සන්තකයේ තිබී සොයාගත් බවයි.
එමෙන්ම ඔවුන් මිලදී ගත් රුපියල් තුන්ලක්ෂ 48,500 ක් වටිනා රන් භාණ්ඩ තොගයක්ද සොයා ගැනුනා.
නාරාහේන්පිට ප්‍රදේශයේ පෞද්ගලික බැංකු දෙකක ඒ.ටී.එම්. යන්ත්‍රවල තැන්පත් කිරීම සඳහා පෞද්ගලික සමාගමක් විසින් මෙම මුදල වෑන් රථයකින් ප්‍රවාහනය කරමින් තිබියදි මෙම කොල්ලය සිදුකර තිබුණේ පසුගිය මස 28 වනදායි.
මීට අමතරව වෑන් රථයේ ආරක්ෂක නිලධාරියාගේ පැහැරගත් ගිනි අවිය සහ කොල්ලකෑමට සැකකරුවන් පැමිණි ජීප් රථයද පොලිිසියට හමුවී තිබෙනවා.
මීට පෙර මෙම කොල්ලයට පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණා.