Gossips

තම දියණිය කෙළෙසූ පාපතර පියා මිත්තණියගේ නුවන නිසා පොලිස් අත්අඩංගුවට

වයස අවුරුදු තුනක තම දියණියට බරපතළ ලිංගික අපයෝජනය සිදුකළ පුද්ගලයෙකු පසුගිය 04 වනදා නොච්චියාගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 28 හැවිරිදි වියේ පසුවූ තැනැත්තෙක් බවයි නොච්චියාගම පොලිසිය සඳහන් කළේ.
අදාල දැරියගේ මව දැරියට මාස දෙකක් වන අවධියේ ඔවුන් අත්හැර වෙනත් පුද්ගලයෙකු සමඟ විවාහයක් සිදුකර ගෙන ඇති බවට වාර්තා වනවා.
ඉන් පසුව දැරිය හැදී වැඩී ඇත්තේ ඇයගේ මිත්තණිය භාරයේ බව සඳහන්.
මිත්තණියත්, පියා සහ දියණියත් එකම නිවසේ ජීවත්ව ඇති අතර මිත්තණියගේ දියණියන් දෙදෙනෙකු ළමා නිවාසයක ජීවත්වන බවයි වාර්තා වන්නේ.
සිද්ධිය වූ දින මිත්තණිය දැරිය නිවසේ සිටියදී ළමා නිවාසයක ජීවත්වන සිය දියණියන් දෙදෙනා බැල්මට ගොස් තිබෙනවා.
ඇය එහි ගොස් නැවත නිවසට පැමිණෙන අවස්ථාවේ නිවසේ ඉදිරිපස සහ පසුපස දොරවල් වසා තිබීම හේතුවෙන් ඒ පිළිබද සොයා බලන විට නිවස තුළින් දියණිය හඬන ශබ්දයක්‌ ඇසුන බව ඇය පොලිසිය හමුවේ පවසා ඇති බව සඳහන්.
එම අවස්ථාවේ ජනෙල් කවුළුවකින් බලන විට දැරියගේ පියා දැරියට අතවර කරනු දුටු බවයි මිත්තණිය වැඩිදුරටත් පවසා ඇත්තේ.
පසුව ඇය ලීයක්‌ රැගෙන දැරියගේ පියාට පහර කිහිපයක්‌ එල්ලකර දියණිය ඉවතට ගෙන කෑ ගසා තිබෙනවා.
ඉන් අනතුරුව අවට සිටි පුද්ගලයින් පැමිණ සැකකාර පියා අල්ලාගෙන පොලිසියට භාර දී ඇති අතර එම අවස්ථාවේ ඔහු බීමතින් සිට ඇති බවයි වාර්තා වන්නේ.
පොලිස් අත්අඩංගුවට ගත් සැකකාර පියා ඊයේ (05) තඹුත්තේගම මහේස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හෙට (07) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
අපයෝජනයට ලක්වු දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රෝහල් ගතකර ඇති බව සදහන්.