Gossips

කොටුව – මැලිබන් වීථියේ වෙළඳසැළක ගින්නක්

කොටුව – මැලිබන් වීථිය ප්‍රදේශයේ අද උදෑසන වෙළඳසැළක ගින්නක් හටගෙන තිබෙනවා.
පොලීසිය ප්‍රකාශ කළේ බෑග් විකුණන වෙළඳසැළක අද උදෑසන 5 ට පමණ මෙලෙස ගින්න හටගෙන ඇති බවයි.
කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීමේ රථ 3 ක් එම ස්ථානයට ගොස් ඇති අතර, මේ වනවිට ගින්න මැඩපවත්වා ඇති බවයි පොලීසිය සඳහන් කළේ.